කැනඩා පනින්න ගිය එකොළහක් කටුනායක දී අත්අඩංගුවට – තැරැව්කරුත් අල්ලයි

කූඨ ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිත කරමින් කැනඩාවට පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙක් සහ ඔවුන් ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවෙකු ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස කැනඩාවට පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35ත් 40ත් අතර වියේ පසුවන කොළඹ, කළුතර, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බව සඳහන්.

මොවුන් රජයේ සේවකයින් , ව්‍යාපාරිකයින් සහ මෑතකදී විදේශ ගත වී සිට මෙරටට පැමිණ සිටි පිරිසක් බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඊයේ (24) පස්වරු 06.40ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 225 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් එම ගුවන් යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යාමට සැළසුම් කර තිබුණා.

මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබා ගෙන තිබූ බව ද වාර්තා වනවා.

මොවුන්ව ගුවන් තොටුපොළ වෙත ඇරලවීම සදහා පැමිණ ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටි තැරැව්කරු ද , අත්අඩංගුවට ගත් පිරිසගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තැරැව්කරුට අමතරව තවත් තැරැව්කරුවෙකු මෙරට අභ්‍යන්තරයේ සිට මොවුන්ට මෙලෙස රටින් පිටවීම සදහා අවශ්‍ය කූඨ ලේඛන සියල්ල සකස් කර දී තිබූ අතර, මීට අමතරව කැනඩාවේ ද මොවුන්ට පහසුකම් සැලසීමට තවත් තැරැව්කරුවෙකු සිටින බවත් අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම ගමන සඳහා එක් අයෙකු රුපියල් ලක්ෂ 45 බැගින් මෙම තැරැව්කරුවන් වෙත ගෙවා ඇති බවයි සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම මොවුන් සියලුදෙනා මෙම ගමන පිටත්වීම සඳහා ඉකුත් 17 වනදා දින සිට මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි බවට ද කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
11
+1
2
+1
20
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23