කැනඩාවේ මහල් නිවාස සංකීර්ණයක වෙඩි තැබීමකින් 5ක් ජීවිතක්ෂයට

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු පොලිසිය වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ අයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර තිබෙනවා. වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

ප්‍රාන්ත පොලිස් ප්‍රධානියා පැවසුවේ, මහජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බවයි.

එමෙන්ම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඉවත් කළ පුද්ගලයන්ට නැවත ඔවුන්ගේ නිවෙස් වෙත යා හැකි බව ද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අසල්වැසි ඇමරිකා එක්සත් ජනපදයට වඩා කැනඩාවේ වෙඩි තැබීම්වල අඩුවක් පෙන්නුම් කෙරෙනවා.

කෙසේවෙතත්, කැනඩාව මෑතකදී ගිනි අවි වර්ග කිහිපයක් තහනම් කිරීමට නීති සම්පාදනය කර තිබෙනවා.

2020 වසරේ මැයි මාසයේදී කැනඩාවේ නෝවා ස්කොටියා හි පොලිස් නිලධාරියෙකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවෙකු පුද්ගලයින් 22 දෙනෙකු මරා දැමීමෙන් පසු ගිනි අවි වර්ග 1,500ක් තහනම් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58