ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි 20/20 තරගය අද පැවැත්වෙයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වෙන අද තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා පිල මේ වනවිට පන්දු රැකීමට තීරණය කර ඇත.පසුගිය තරඟයේ අමිහිරි පරාජය සමග ඔවුන් මේ තරගයේ දී ඉතා හොදින් තරග කරාවී යන බලාපොරොත්තුවෙන් බොහෝ ක්‍රීඩාලෝලීන් අද දිනයේ බලාපොරොත්තුවෙන් සිටිනු අපිට දැකිය හැක.
කොවිඩ් ආසාදිත බැවින් බිනුර ප්‍රනාන්දු අද ක්‍රීඩා නොකරන අතර ඔහු වෙනුවට තිළිණ තුෂාර කණ්ඩායම ට එක්කර තිබේ.
මෙය ඔහුගේ මංගල 20/20 තරගය වෙයි.













