මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි
ජලාශයේ ජල මට්ටමද වේගයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
මේ පිළිබදව වැඩි දුරටත් කරුණු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙහෙල්ගමු ඔය ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් මෙම තත්වයන් උදාවි ඇති බවය.
එම තත්වයන් මත අද (03) දින උදැසන 6.30 වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 147යි අඟල් 07ක් පිරි ඇති බවත් එම ජලය ජල විදුලිය නිපදවිම සඳහා විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය ඇතුළු ජල විදුලි බලාගාර තුනකට මුදා හැරිමට පියවර ගෙන ඇති බව පැවසුවා.













