spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාර් එකෙන් සැපට කසිප්පු ඇදපු අයෙක් අත්අඩංගුවට

කාර් රථයකින් අලෙවි කිරීම සදහා සුක්ෂමව නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක සිට මෙම ක්‍රියාවලිය අදාළ සැකකරුවන් විසින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත දිවයිනම ආවරණය වන පරිදි සිදු කරනු ලබන වැඩසටහනට සමගාමීව ඊයේ (16)දින රාගම පොලිස් වසමේ බටුවත්ත සුසාන භුමිය අසල දී මෙම වැටලීම සිදුකරනු ලැබුවා.

එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 101 යි මි.ලී. 250 ක් පොලිතින් උර වලට සුක්ෂමව ඇසුරුම් කර ජාවාරමි කිරීම සඳහා කාර් රථයේ අසුරා තිබුණා.

ඒ අනුව රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දෙනු ලැබුවා.

WhatsApp Image 2024 03 17 at 7.22.02 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?