කාන්තා පාපන්දු ලෝක කුසලානය මැද සභාපතිගේ තොල් සිපගැනීම දුරදිග යයි

එංගලන්තය පරාජය කරමින් FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානය දිනාගැනීමට ස්පාඤ්ඤයට ඊයේ හැකියාව ලැබුණා.

ලොවක් කතාකරන පුවතක් වූ මෙම ජයග්‍රහණයෙන් පසු, සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිටත් ලෝකයේම අවදානය යොමුව තිබෙනවා.

ඒ, ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයා ප්‍රසිද්ධියේ සිදුකළ තොල් සිපගැනීමක් සම්බන්ධවයි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව හිමිකරගත් ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ට සම්මාන ප්‍රධානය කරන අතර වාරයේ ස්පාඤ්ඤ පාපන්දු සභාපති ලුයිස් රුබියල්ස් විසින් එම කණ්ඩායමේ නායිකාව වන ජෙනී හර්මෝසෝගේ දෙතොල් මෙලෙස සිපගන්නා ආකාරය දැකගත හැකි වුණා.

ස්පාඤ්ඤ පාපන්දු සභාපතිවරයාගේ මෙම නොගැලපෙන හැසිරීම සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීමට මුහුණ පෑ ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකාව වන ජෙනී හර්මෝසෝගෙන් ස්පාඤ්ඤ රූපවාහිනී නාළිකාවක් විමසා සිටියා.

එහිදී ඇය පවසා ඇත්තේ තමා එය රස වින්ඳේ නැති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්පාඤ්ඤ පාපන්දු සභාපති ලුයිස් රුබියල්ස් තවමත් කිසිවක් පවසා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
27
+1
3
+1
7
+1
4
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29