කාන්තා එක්දින ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් අද (11) පැවැත්වෙනවා.

එංගලන්ත කාන්තා කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ අවස්ථා 20 කදී එකිනෙකා හමු වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවට එංගලන්ත පරදා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගයක් පමණයි.

මෙවර කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්වන තරගය මෙය වන අතර, ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් 30 වනදා සහභාගී වූ පළමු තරගය ඉන්දියාව හමුවේ පරාජයට පත් වුණා.

කෙසේ වෙතත් ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර පසුගිය 04 වනදා පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන්නට සිදු වුණා.

ඒ, අනුව පළමු තරගය ක්‍රීඩා කිරීමෙන් අනතුරුව තවත් තරගයක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට දිගු කාලයක් බලා සිටීමට සිදුවීම ද විශේෂත්වයක්.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ එංගලන්තය දෙවන ස්ථානයේ පසුවන අතර, ඔවුන් සහභාගී වූ තරග දෙකම ජයගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව එහි පසුවන්නේ 07 වන ස්ථානයේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56