කාන්තාවෝ 1000ක් ශ්‍රී ලංකා පොලීසියට බඳවා ගැනිමට යයි

ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරිනියන්ගේ පුරප්පාඩු පිරවීමට කාන්තාවෝ 1000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබේ. කොටස් දෙකක් වශයෙන් මෙම බඳවා ගැනීම් සිදු කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

මෙසේ බඳවා ගැනීමට නියමිතව ඇත්තේ කාන්තා කොස්තාපල් තනතුරටය. ඊට අදාළ ගැසට් නිවේදනය ළඟදීම නිකුත් කිරීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ශ්‍රී ලංකා පොලීසියේ අනුමත කාන්තා නිලධාරීන් ගණන 10,000කි. එහෙත් දැනට සේවයේ නිරතව සිටින්නේ 8,000ක් පමණ වූ නිලධාරිනියන් පිරිසකි. ඒ අනුව 2,000ක පමණ පුරප්පාඩුවක් ඇති බව පොලිස් පිරිස් පාලන අංශයේ තොරතුරු සඳහන් කළේය.

කාන්තා නිලධාරිනියන්ට පොලිස්පති ධුරය දක්වා ගමන් කිරීමට මේ වනවිට අවස්ථා ඇත. කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියකට පුරප්පාඩුවක් ද පවතී. එහෙත් එම තනතුරට සුදුසුකම් සම්පූර්ණ කළ නිලධාරිනියන් මෙතෙක් නොමැති බැවින් එම ධුරය ඇත්තේ පුරප්පාඩුවක් ලෙසිනි.

ශ්‍රී ලංකා පොලීසියේ මේ වනවිට නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිවු දෙනෙක් ද, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් 13 දෙනෙක් ද, කාන්තා පොලිස් අධිකාරීවරියන් 06 දෙ‍ෙනක් ද, කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් 16 දෙ‍ෙනක් ද සේවයේ නිරතව සිටිති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16