spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමක් පිහිටුවීම ගැන සොයන්න විශේෂඥ කමිටුවක්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රගතිය අදාළ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ දී සමාලෝචනය වුණා.

එම සංසදය පසුගියදා (01) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයා විසින් පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකෙරුණා.

එහිදී සංසදයේ සභාපති මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පනත් කෙටුම්පත්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පිහිටුවනු ලැබුවා.

මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, ආචාර්ය රෝස් විජේසේකර, ආචාර්ය රමණි ජයසුන්දර, ආචාර්ය විජය ජයතිලක, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක සහ උදේනි තෙවරප්පෙරුම යන අය එම කමිටුවට ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?