කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසමක් පිහිටුවීම ගැන සොයන්න විශේෂඥ කමිටුවක්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පතේ ප්‍රගතිය අදාළ පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ දී සමාලෝචනය වුණා.

එම සංසදය පසුගියදා (01) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිතයා විසින් පනත් කෙටුම්පත පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකෙරුණා.

එහිදී සංසදයේ සභාපති මන්ත්‍රී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පනත් කෙටුම්පත්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පිහිටුවනු ලැබුවා.

මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, ආචාර්ය රෝස් විජේසේකර, ආචාර්ය රමණි ජයසුන්දර, ආචාර්ය විජය ජයතිලක, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් සේනානායක සහ උදේනි තෙවරප්පෙරුම යන අය එම කමිටුවට ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37