කාකි ඇඳුමට මහ මඟදී පාට් දැමූ ‘අමේෂ් රුවන්ත’ අත්අඩංගුවට (ඡායාරූප)

රථවාහන රාජකාරීයේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු ‘අමේෂ් රුවන්ත’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ පුද්ගලයා අද (08) දිනයේ දී මිරිහාන පොලිසියට පැමිණ භාරවීමෙන් පසුවයි.

මාර්ග නීති උල්ලංඝණය කරමින් හයිලෙවල් මාර්ගයේ මෝටර් රථයක් ධාවනය කළ බව කියන මෙම පුද්ගලයා පසුව පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසැරුවා.

2 1
https://youtu.be/Xze-ae970g4


අපගේ නවතම වීඩියෝ පුවත්