ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ලබන දෙසැම්බර් මාසයේදී මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් මෙරටට ලැබීමට නියමිත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතයන් අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මුදල් ලැබෙන බවයි ඔහු කියාසිටියේ.

මීට පෙර අවස්ථා කිහිපයකදී ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් අතර සාකච්ඡා සංවිධාන කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කර තිබෙනවා. ඒ ඔස්සේ මෙරට ව්‍යාපාරිකයින් පිරිසකට තම ගැටළු සෘජුවම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු විදේශීය ආයතන වෙත යොමු කිරීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක්.

මෙම මුදල ඔස්සේ National Credit Guarantee Institution සහ මෙරට බැංකු 13ක් හරහා මෙරට කුඩා ක්ෂුද්‍ර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය සඳහා සහතිකයක් ලබාදීමට මෙන්ම සහන පොලියකට ණය ලබාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකිවන බව ඔහු ප්‍රකාශ කළා.

මෙරට කඩා වැටුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ගොඩගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහය අගය කරන බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

මෙහිදී අදහස් දක්වමින් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සඳහන් කළේ මින් පෙර නොවූ විරූ පියවරක් තබමින්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශය මුහුණ පා සිටින දිගුකාලීන අභියෝග සඳහා විසඳුම් සෙවීමට මෙ⁣වැනි කටයුත්තක් සිදුකිරීම පිළිබඳව ස්තුතිය පළ කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14