ක්ලබ් වසන්තගේ ඝාතකයින් මෙම මස 20 තෙක් සිරගත කරන්න – උසාවියෙන් නියෝගයක්

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු සැකකරුවන් 10දෙනා අගෝස්තු මස 20 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (05) දින නියෝග කළා.

ඉකුත් නඩු දිනයේ දී අධිකරණය මගින් දැනුම්දුන් පරිදි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන සැකකරුවන් ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සාක්ෂි නොමැති බැවින් ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද විමර්ශන කටයුතු අවසන් නොවන බැවින් එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළා.

මෙහිදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකුගේ පමණ සාක්ෂි සටහන් කරගෙන ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා එක් වූ වෛද්‍ය සිසුන් හරහා එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට අනාවරණය වූ බව පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

අදාළ ඝාතන සිද්ධියට සම්බන්ධ වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතනවලට ලැබීම සම්බන්ධව එම මාධ්‍ය ආයතනවල හිමිකරුවන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසත් මෙම නීති කෘත්‍ය සම්බන්ධයෙන් නීතිපතිවරයාට ලිඛිත ව දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධියේ විමර්ශන කටයුතු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණය පොලීසියට නියෝග කළා.

ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ වැඩිමහල් පුත්‍රයා සහ පවුලේ කිහිපදෙනෙකු මෙදින අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙම සිද්ධියට මේ වනවිට අත් අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකාර ටැටූ ආයතනයේ හිමිකාර වන දුලාන් සංජය නමැත්තා මේ වනවිට මහර බන්ධනාගාරයේ රදවාගෙන සිටින බැවින් එම සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත මාරු කරන ලෙස විත්තියේ නීතිඥ නුවන් ජයවර්ධන කළ ඉල්ලීමට අනුව එම සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මාරු කර යවන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18