ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නැවත කෝපා කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳ මෙන්ම ක්‍රීඩාව සම්බන්ධයෙන් පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ කෝපා කමිටුවට ඉදිරිපත් කර ඇති අතර ඉදිරි වසරවලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රීඩාව සම්බන්ධයෙන් සිදු කරන ඉදිකිරීම් පිළිබඳව ද සාකච්ඡා වූ බව සඳහන්.

මින් පෙර සැප්තැම්බර් 6 වනදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට සූදානමකින් තොරව කෝපා කමිටුවට පැමිණීම හේතුවෙන් නැවතත් කැඳවීමට තීරණය වූ අතර ඒ අනුවයි මෙලෙස නැවත කැඳවීම සිදු වූයේ.

මේ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එදින රැස් වුණා.

මේ අනුව මෙහිදී ක්‍රීඩා සංවර්ධන සැලැස්ම පිළිබඳ පැහැදිලි කරන ලෙස කමිටුව ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් වන සැලසුම කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙහිදී සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් පාලනය වන ක්‍රීඩා සංකීර්ණයක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවයි මෙහිදී පැමිණ සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.

තවද ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් වන කාර්යසාධනය පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා. මේ අනුව රුපියල් බිලියන 4 පමණ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති සඳහා වියදම් කර තිබුණ ද මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් කිසිදු ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බවයි මෙහිදී කමිටුව අනාවරණය කළේ.

ක්‍රීඩාව සම්බන්ධයෙන් දත්ත පවත්වාගෙන යෑමට සකස් කළ දත්ත සමීක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා. මේ අනුව මෙම දත්ත පද්ධතිය 2016 වර්ශයේදී ක්‍රීඩාව සම්බන්ධ දත්ත පවත්වාගෙන යාමේ අරමුණෙන් සකස් කළ බවත් වර්තමානයේද හොඳ ක්‍රියාකාරී මට්ටමක පවතින බවත් මෙහිදී පැමිණි නිලධාරීන් ප්‍රකාශ කළා. ඒ අනුව එහි මනා ක්‍රිාකාරීත්වයට අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය කමිටුව පෙන්වා දෙනු ලැබුවා.

එසේම ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි වසර වලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ඒ අනුව ජාතික ක්‍රීඩා සභාව ක්‍රීඩාවේ දියුණුවට සකස් කර ඇති වැඩපිළිවෙළ කමිටුවට ඉදිරිපත් කිරීම සහ ඉදිරි වසරවලදී පදක්කම් ලබාගැනීමට අපේක්ෂිත ක්‍රීඩා සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි කරනු ලැබුවා. තවද ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපති අර්ජුන රණතුංග මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ සුසන්තිකා ජයසිංහ මහත්මිය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සකස්කිරීම සම්බන්ධයෙන් මේ වන විට කටයුතු කරමින් පවතින බවයි. මේ අනුව එවැනි දක්ෂතා සහිත ක්‍රීඩකයන් දෙදෙනෙක් හෝ 5දෙනෙක් සකස් කිරීම වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කරන බවද ඒ ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මීට අමතරව දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රීඩාවේ දියුණුව සම්බන්ධයෙන් සිදු කරන ඉදිකිරීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06