spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශයට ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම නිවේදන නිකුත් කිරීමේ අරමුණ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය, ද්වේෂ සහගත සහ නොමඟ යවන සුළු තොරතුරු නිවැරදි කර ඒවාට පිළියම් යෙදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරමුණ බවයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 දී ICC 19 න් පහළ ලෝක කුසලානය පැවැත්වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට පවරා ඇති බව සඳහන් කරන අතර මේ දිනවල ඊට සූදානම් වෙමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

මෙම තරගාවලිය 2024 ජනවාරි මාසයේ ආරම්භ වීමට නියමිත අතර, එය සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උනන්දුවෙන් කටයුතු කරන බව ද මෙම නිවේදනයේ සඳහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයන් සමස්ත සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සමීපව අධීක්ෂණය කරමින් සිටින අතර ගෝලීය වශයෙන් පිළිගත් මෙම තරඟාවලිය සඳහා සූදානම් කිරීම් කටයුතු හොඳින් සිදුවෙමින් පවතින බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා. තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සහතික කිරීම සඳහා ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරන බවයි එහි දැක්වෙන්නේ.

තම වගකීම්වල කොටසක් ලෙස, ICC හි දැඩි ප්‍රමිතීන්ට අනුකූල වන තරඟ පැවැත්වෙන ස්ථාන සැපයීම ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැවරී තිබෙනවා. මෙම ඉලක්කය හඹා යාමේ දී, තෝරාගත් ක්‍රීඩාංගනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සැලකිය යුතු පියවර ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

ICC වෙතින් ප්‍රදානයන් ලෙස ලැබුණු සහ මෙම වැඩිදියුණු කිරීම් සඳහා විශේෂයෙන් නම් කරන ලද අරමුදල්, 2024 දී පැවැත්වෙන 19 න් පහළ ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ පහසුකම් සංවර්ධනය සඳහා පමණක් යොදවා තිබෙනවා.

තවද, දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි පහන් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සැපයීම දීර්ඝ කාලීන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීමක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැහැදිලි කර ඇත්තේ. මෙම මුලපිරීම ICC ස්ථාන ප්‍රමිතීන්ට අනුකූලව භූමියේ පහසුකම් වැඩි දියුණු කිරීම අරමුණු කර ගෙන සිදු කළ බව ඔවුන් පෙන්වා දෙනවා.

එම ව්‍යාපෘතිය 2023 ආසියානු කුසලානයට පහසුකම් සැලසීමට ආරම්භ වුව ද එකල පැවති ආනයන සීමා කිරීම් හේතුවෙන්, නියමිත වේලාවට එය සම්පූර්ණ කිරීමට නොහැකි වූ බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවීමක් මීට මාස කිහිපයකට පෙර සිදු කරන ලද අතර, එම ක්‍රියාවලිය පුරාවටම අමාත්‍යාංශ නියෝජිතයෙකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලද බව ද මෙම නිවේදනයෙන් සඳහන් කර තිබෙනවා. ව්‍යාපෘතිය ප්‍රදානය කරන ලද්දේ රජය විසින් අනුමත කරන ලද ටෙන්ඩර් ක්‍රියාවලීන්ට අනුකූලව බවයි ඔවුන් අවධාරණය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදුලි පහන් ආදේශ කිරීම සඳහා පමණක් බිලියන 1.5ක් වැය කර ඇති බවට ප්‍රකාශ කිරීම අසත්‍ය සහ පදනම් විරහිත බව ක්‍රිකට් ආයතනය කියාසිටියා.

ව්‍යාපෘති කළමනාකරණය අනුව, ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ ගිවිසුම් අවශ්‍යතා අනුව අතුරු ගෙවීම් සිදු කෙරෙනවා. මූල්‍ය අක්‍රමිකතා හෝ අයථා කළමනාකරණය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පදනම් විරහිත වන අතර මහජනතාව අතර අනවශ්‍ය අවධානයක් යොමු කිරීමට උත්සහ කිරීමක් මෙමගින් පෙන්නුම් කෙරෙන බවයි ක්‍රිකට් ආයතනයේ අදහස වී ඇත්තේ.

මීට අමතරව, තාවකාලිකව ක්‍රියාත්මක වූ අතුරු කමිටු සාමාජිකයින් ඔවුන්ගේ පත්වීමෙන් පසු SLC පරිශ්‍රයෙන් වැදගත් ව්‍යාපෘති සම්බන්ධ ගෙවීම් වවුචර සහ ලියකියවිලි ඉවත් කර ඇති බව ද මෙම නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා. යහපාලනයේ සහ පාරදෘශ්‍යභාවයේ වැදගත්කම වෙනුවෙන් පෙනී සිටින ඉහත කී සාමාජිකයන්ගේ හැසිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර මෙම ද්‍රව්‍ය වහාම ආපසු ලබා නොදෙන්නේ නම් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන බවයි අවධාරණය කර ඇත්තේ.

අවසාන වශයෙන්, 2024 වසරේ ICC 19න් පහළ ලෝක කුසලානය සාර්ථකව පැවැත්වීම සහතික කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය, විනිවිදභාවයකින් කැපවී සිටින බව සඳහන් කර තිබෙනවා.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදි නොවන සහ නොමඟ යවන සුලු චෝදනා එල්ල කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එසේ සඳහන් කර සිටින්නේ 2023 වසරේදී නොවැම්බර් 07 වැනි දින ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනි.

2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝකකුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙය අවස්ථාවක් කරගෙන තිබේ.

මෙහිදී අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ ගෞරවය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පවරා තිබෙන බව මූලික වශයෙන්ම සඳහන් කළ යුතුය. මෙම තරගාවලිය 2024 වසරේ ජනවාරි මසදී ආරම්භ වීමට නියමිත අතර එය අති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතය මහත් උනන්දුවකින් කටයුතු සිදුකරමින් සිටියි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයින් විසින් ලෝක මට්ටමේ පිළිගත් මෙම තරගාවලියේ සංවිධානය කිරීමේ කටයුතු සමීපව අධීක්ෂණය කරනු ලබන අතර ඔවුන් සමගින් තරගාවලිය ගුණාත්මක භාවයකින් යුතුව පැවැත්වීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් සමඟ ක්‍රියාකාරීව කටයුතු කරනු ඇත.

තරග පැවැත්වීමේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අනුගමනය කරනු ලබන දැඩි ප්‍රමිතීන්ට අනුකූලවන පරිදි ක්‍රීඩාංගණ පිළිසකර කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීම්වල කොටසක් වී තිබේ. ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේදී තරග පැවැත්වීම සඳහා තෝරාගෙන තිබෙන ක්‍රීඩාංගණවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් සැලකිය යුතු මට්ටමේ පියවරයන් ගෙන තිබේ. ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රධානයන් ලෙස ලැබී තිබෙන සියලු අරමුදල් 2024 වසරේදී පැවැත්වීමට නියමිත මෙම අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පහසුකම් සංවර්ධනය කිරීම සදහා පමණක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොදා ගනු ලබයි.

අන්තර්ජාතික ක්‍රීඩාංගණවල ප්‍රමිතීන්ට අනුකූලව පහසුකම් වැඩි දියුණු කිරීම අරමුණු කොට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ විදුලි පහන් සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් යළි ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙන බවද පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දිගුකාලීන අවශ්‍යතාවක් ලෙස සලකමින් ක්‍රීඩාංගණ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගනු ලැබූ බවද සඳහන් කර සිටියි.

2023 වසරේ පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සාපේක්ෂව මෙම ක්‍රීඩාංගණයේ පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත් නමුත් එකල පැවැති ආනයන සීමා කිරීම් හේතුවෙන් අපේක්ෂා කළ පරිදි එම කටයුතු නිමා කිරීමට නොහැකිවුණු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් සදහන් කර සිටියි. මෙම ක්‍රීඩාංගණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය භාරකරන ලද්දේ රජය විසින් අනුමත කරන ලද ටෙන්ඩර් පටිපාටියකට අනුකූලව බවද පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා වන ටෙන්ඩරය මීට මාස කීපයකට පෙර සිදුකරන ලද බවද සඳහන් කර සිටියි. මේ සියලු කටයුතු අමාත්‍යාංශ නියෝජිතයකු විසින් සමීපව නිරීක්ෂණය කරන ලදී.

එබැවින් මෙහි විදුලි ආලෝක පද්ධතිය නැවත ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් බිලියන 1.5 ක් වැය කර ඇති බවට චෝදනා කරන නමුත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති, පදනම් විරහිත ප්‍රකාශයක් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් දැනුම් දී සිටියි. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගත් විට එහි කළමනාකරණය, ප්‍රගතිය සහ ගිවිසුම් අවශ්‍යතා අනුකූලව එහි අතුරු ගෙවීම් සිදුකරනු ලබයි. මෙහිදී මූල්‍ය අක්‍රමිකතා හෝ වැරදි කලමනාකරණය කටයුතු සිදුවන බවට සිදුකරනු ලබන ඕනෑම චෝදනාවක කිසිදු සත්‍යතාවක් නොමැති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව ජනතාව වෙත වැරදි අර්ථයක් නිරූපණය කිරීමේ අපේක්ෂාවෙන් යුතුව සිදුකරන්නක් බවද අදහස් කර සිටියි.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන ගෙවීම් වල වවුචර සහ ලියකියවිලි සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිශ්‍රයෙන් ඉවත් කිරීමටද පත්වූ අතුරු කමිටුව පියවර ගෙන තිබෙන බවද මෙහිදී අවධාරණය කර සිටියි.

යහපත් පාලනයක් මෙන්ම විනිවිධභාවයකින් කටයුතු කිරීමේ වැදගත් භාවය පෙන්වා දෙමින් කටයුතු කරනු ලබන ඉහත කී සාමාජිකයින්ගේ හැසිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පිළිකුළකින් යුතුව ප්‍රතික්ෂේප කර සිටින අතරම එකී ඉවත් කරන ලද සියලු දේ නැවත ලබා දීමට පියවර නොගතහොත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරනු ලබන බවද අවදාරණය කර සිටියි.

අවසාන වශයෙන් 2024 වසරේදී පැවැත්වීමට නියමත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සාර්ථකව පැවැත්වීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇප කැපවී කටයුතු කරනු ලබන බව යළිත් සහතික කර සිටින අතරම මෙරට ක්‍රිකට් පරිපාලනයේ ප්‍රතිරූපයට හානිවන අන්දමේ වැරදි තොරතුරු සමාජය වෙත යැවීමට පෙර එ පිළිබඳ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව සිදුකරන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?