ක්‍රීඩා ඇමතිගේ දියණියන්ටත් ක්‍රිකට් ආයතනයෙන් ලියුම්?

මේ දිනවල දැඩි කතා බහක් නිර්මාණය වී ඇති ඕස්ට්‍රේලියාවේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ ආධාර උපකාර සහිතව ගිය පිරිස අතරට තවත් කිහිප දෙනෙකුගේ නම් අනාවරණ වී තිබෙනවා.

එම තරග නැරඹීම සඳහා අවශ්‍ය වීසා ලබා ගැනීම වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනාට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිපි නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියා වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබාගත් පුද්ගලයන් අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ දියණියන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ නම් බවටයි වාර්තා වන්නේ.

2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලානය සඳහා ක්‍රිකට් ආයතනය විසින් දරන ලද වියදම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කෙටුම්පතක් පසුගිය සතියේ හෙළිදරව් කෙරුණා.

එහි දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිලධාරීන් ඇතුලු පිරිස ඔස්ට්‍රේලියාවට යැවීම වෙනුවෙන් රුපියල් මිලියන 68ක් වියදම් කර ඇති බවයි.

එම සංචාරයට එක්වූ පුද්ගලයන් 35 දෙනෙකුගේ නම් ද එහිදී හෙළිදරව් කෙරුණා.

ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අනුමත ලිපි ඉල්ලා තිබූ නම් 21 අතරට ක්‍රීඩා අමාත්‍යවරයාගේ දියණියන් ලෙස සැලකෙන ආර්.ඒ.ෂනාලි දිනුෂිකා සහ ආර්.ඒ.සාරා දිනාලිගේ නම්ද ඇතුළත් වනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ වීසා බලපත්‍ර අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් ලෝක කුසලානය නැරඹීමට යන බවට ලිපි නිකුත් කළත් ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබා නොදුන් බවයි.

ඒ සඳහා වැය වූ එකම වියදම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට පමණක් බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

image caf4b2e0f9
  1. බලය අවභාවිතා නොකරන්න යම්කිසි නිසි අරමුණකට දෙනු ලබන සංචිත ආරක්ෂා කරගන්න ..පුරවැසියකු වශයෙන් සියලු දෙනා තම යුතුකම් රට වෙනුවෙන් ඉටු කරන්න

  2. ගන්න ආතල් එකක් තව අවුරුද්දයි.
    ඊට පස්සේ ආතල් ගත්ත ඒවාට පොලිය එක්ක ගෙවීම් පටන්ගන්න තියනවානේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05