ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට පොරොන්දුවක්

විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නා.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ දී අවසන් වු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ලවී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කෙරුණු හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා විසින් ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී යි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම ප්‍රතිඥාව ලබාදුන්නේ.

එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ හිටපු මහාධිකරණ විනිසුරුවරිය ප්‍රමුඛ පරීක්ෂණ කමිටුවේ වාර්තාව උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කළ බවයි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණනයක් සිදු කරන ලෙස නීතිපතිවරයා විසින් තම සේවාදායකයාට උපදෙස් ලබා දුන් බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විගණනයක් සිදු කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

මෙම විගණකාධිපති වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් නොගන්නා බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරු මඬුල්ල පෙත්සම පෙබරවාරි මස 27 වනදා යළි කැඳවන ලෙස නියෝග කළා.

මේ අතර අදාළ පෙත්සමට මැදිහත් වී කරුණු ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක මහේල ජයවර්ධන මහතාද සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මහේල ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා අධිකරණය මේ කරුණු දක්වමින් කියාසිටියේ හිටපු මහාධිකරණ විනිසුරුවරිය විසින් ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාවේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ද සාවද්‍ය කරුණු ඇතුළත් කර ඇති බවත් ඒ තුළින් ඔහුට දැඩි අගතියක් සිදු වන බවයි.

ඒ අනුව මහේල ජයවර්ධන මහතාගේ අතරමැදි පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 20 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඬුල්ල නියම කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පසුගිය ඔස්ට්‍රේලියානු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට “බෝන් අගේන්” ආගමික නිකායෙන් එල්ල වී ඇතැයි කියන බලපෑම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ච කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුව විසින් පරීක්ෂණ පවත්වා එහි වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාරදී ඇති බවත් පෙත්සමේ සඳහන් වනවා.

අදාළ වාර්තාවේ අන්තර්ගත කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අහෝසි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35