spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිප්ටො ලොව රජු ලෙස සැලකූ සෑම් බෑන්ක්මන් වසර 25ක් සිපිරි ගෙට

Crypto exchange FTX හි සමනිර්මාතෘ සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිර දඬුවමක් නියම කරන්නට ඇමරිකානු අධිකරණයක් නියෝග කර තිබෙනවා.

ඒ, ඔහුගේ සමාගමේ ගනුදෙනුකරුවන් සහ ආයෝජකයින්ට වංචා කිරීම සම්බන්ධයෙන්.

ක්‍රිප්ටො ලොව රජු ලෙස සැළකෙන හිටපු ප්‍රකෝටිපතියෙකු වූ සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ්ගේ බංකොලොත් භාවයමෙම තීන්දුව තහවුරු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන ඔහු අසාර්ථක වීමට පෙර ගනුදෙනුකරුවන්ගෙන් බිලියන ගණනක් වංචාකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අධිකරණ තීන්දුව ලබාදෙන අවස්ථාවේ දී සෑම් බෑන්ක්මන් උසාවියේ දී කියා සිටියේ “බොහෝ මිනිසුන් ඇත්තටම අසරණ වී ඇති බව” තමා දන්නා බවයි.

මෙම දඬුවම් නියම කිරීමත් සමඟ සෑම් බෑන්ක්මන් ඔහුට ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?