ක්‍රිකට් සභාපති හා ලේකම්ට අපහාස කිරීම වළක්වාලමින් හේෂාට නිකුත් කර ඇති වාරණ නියෝගය දිගු කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ එහි ලේකම් මොහාන් ද සිල්වා යන අයට අපහාස කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වෙත පනවා තිබූ වාරණ නියෝගය ලබන 22 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (09) නියෝග කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

විත්තිකාර හේෂා විතානගේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩිනාල් පිලිප්ස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ සිතාසිය සහ ලේඛන තම සේවා දායකයා වෙත මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කළා.

මෙම නඩුව විභාග කිරීමට කොළඹ දිසා අධිකරණයට බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ සිතාසි විත්තිකරු වෙත භාරදීමට ක්‍රියා කලත් ඔහු එය බාරගැනීම ප්‍රතික්ෂේප කළ බව චෝදනා කර සිටියා.

විත්තිකරු විසින් අදාළ සිතාසි භාර ගනු ලැබූවේ ඒවා කූරියර් සේවාව මාර්ගයෙන් යැවීමෙන් අනතුරුව බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කළා.

ඒ, අනුව මෙම නඩුවට අදාළ ලිඛිත දේශන සැප්තැම්බර් මස 15 වනදා ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා අදාළ වාරණ නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 22 වන දා ප්‍රකාශයට පත් කරන බවත් නිවේදනය කළා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවක් පදනම් කරගෙන ඉකුත් ජූලි මස 23 වන දා හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකින් තමන්ට අපහාසයක් සිදු වූ බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදුකරන තුරු එම වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන බවට එකඟත්වයක් තිබිය දී මන්ත්‍රීවරයා එය නීතියට පටහැනි ආකාරයෙන් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 150ක වන්දියක් එම මන්ත්‍රීවරයාගෙන් අය කර දෙන ලෙස ඉල්ලමින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33