ක්‍රිකට් සභාපති සහ ලේකම්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සහ ලේකම් මොහාන් ද සිල්වා යන අයට අපහාසාත්මක ප්‍රකාශ සිදුකිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සිදුකෙරුණු ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කෙරුණු විගණන වාර්තාවක් පදනම් කරගෙන ඉකුත් ජූලි මස 23 වනදා හේෂා විතානගේ මන්ත්‍රීවරයා විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකින් තමන්ට අපහාසයක් සිදු වූ බවට චෝදනා කරමින් මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදුකරන තුරු එම වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන බවට එකඟත්වයක් තිබිය දී මන්ත්‍රීවරයා එය නීතියට පටහැනි ආකාරයෙන් ලබාගෙන ප්‍රසිද්ධියට පත්කිරීම තුළින් සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 150ක වන්දියක් එම මන්ත්‍රීවරයාගෙන් අය කර දෙන ලෙස ඉල්ලමින් මෙම නඩුව ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59