ක්‍රිකට් සභාපති ධුරය සම්බන්ධයෙන් ඇමතිගෙන් ඉදිරියේ දී නිල ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ මතුව තිබෙන කාරණාව සම්බන්ධයෙන් ඉදිරියේ දී නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ක්‍රීඩා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරනවා.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබන Colombo Marathon තරගාවලිය පිළිබඳව දැනුම්වත් කිරීමට කොළඹ දී අද (27) කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වර්තමානයේ ක්‍රිකට් සභාපති ධුරය දරණ ශම්මි සිල්වා එළඹෙන බදාදා එම තනතුරෙන් ඉල්ලා අස්වන බවට ඇතැම් මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මෙම පුවත සම්බන්ශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යංශ තාමත් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශ පාර්ශවයෙන් ඉදිරියේ දී නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා අද (27) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මෙලෙස සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23
Video thumbnail
ස්වාමීන් වහන්සේලාගේ කඳුළු කතාව කාටවත් පේන්නේ නෑ..ඇහෙන්නේ නෑ - අනුන්ටම පිහිට වුණු ජීවිත අපි
12:24
Video thumbnail
මොරටුව ගිනිගත් නිවාස සංකීර්ණය නිරීක්ෂණයට ගිය නි.ඇමති
01:29
Video thumbnail
අනේ ජනාධිපතිතුමා මාව ගන්න ලංකාවට
01:21
Video thumbnail
රිමාන්ඩ් වුණ ජානකි බන්ධනාගාර බසයෙන් යන අයුරු
00:22
Video thumbnail
නෙදර්ලන්ත කාන්තාවක් දිය ඇල්ලෙන් වැ#ටී එළොව යයි
00:40
Video thumbnail
මුළු පාරම වතුරෙන් වැහිලා ගිහින්
00:31
Video thumbnail
කළු ගඟේ ජලය බැසයාම ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්
00:33