ක්‍රිකට් නඩුව ලබන සඳුදා තෙක් කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබුණා.

සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එය අද දිනයේ කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද (24) දින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදුකළා.

මෙම නඩුකරයට අදාළව ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සත්‍ය බවත් සඳහන් කළා.

පෙත්සම්කාර පාර්ශවය චෝදනා කරන ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අධිකරණය නොමඟ යවන තොරතුරු ඉදිරිපත් කර නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

ඉන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් දැමූ අතර, එදින ක්‍රිකට් අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51
Video thumbnail
CPC එක මේ වසරේ බිලියන 27ක ලාභයක් උපයලා තියෙනවා - ඉන්ධන මිල ඉදිරියේදි අඩුවෙයිද ?
01:55