spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් නඩුව ලබන සඳුදා තෙක් කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනු කළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා (27) තෙක් කල් තැබුණා.

සෝභිත රාජකරුණා සහ ඩී එන් සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එය අද දිනයේ කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද (24) දින තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සිදුකළා.

මෙම නඩුකරයට අදාළව ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක විසින් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා එම දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු සත්‍ය බවත් සඳහන් කළා.

පෙත්සම්කාර පාර්ශවය චෝදනා කරන ආකාරයට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අධිකරණය නොමඟ යවන තොරතුරු ඉදිරිපත් කර නොමැති බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

ඉන් පසුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් දැමූ අතර, එදින ක්‍රිකට් අතුරු කමිටුව වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?