spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් කැබිනට් අනුකමිටුව අයි.සී.සීයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලීමක් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් පත්කළ කැබිනට් අනුකමිටුව විසින් එම ඉල්ලීම සිදුකර ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර අද (17) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

විපක්ෂය මෙන්ම ආණ්ඩුව ද එකතු විය යුත්තේ අයි.සී.සී. තහනම ඉවත් කර ගැනීම සඳහා බව සඳහන් කළ අමාත්‍යවරයා ජනපති ඇමති කමිටුවට බලය පවරා ඇත්තේ ක්‍රිකට් සම්බන්ධ ව්‍යූහාත්මක වෙනස සම්බන්ධ අදහස් යෝජනා ලබාදීමට බව ද මෙහිදී සඳහන් කර සිටියා.

ඒ, අනුව ක්‍රිකට් තහනම ඉවත් කරගැනීම සඳහා පාර්ලිමේන්තුව ම එක් විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කැබිනට් අනුකමිටුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?