spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව ලබාදුන් එන්නත් ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ව නිරතුරු ව ආබාධවලට ගොදුරු වීමට හේතුව හෙළි ව තිබෙනවා.

ඒ අද දිනයේ දී කෝප් කමිටු සාකච්ඡාවේ දීයි.

ක්‍රිකට් කණ්ඩායමේ සිටින වෛද්‍යවරුන්ගේ කණ්ඩායමේ එක් වෛද්‍යවරයෙකු විසින් ක්‍රීඩකයින් වෙත ලබාදෙනු ලැබූ ඖෂධවල අතුරු ප්‍රතිඵලයක් ලෙසයි මෙම ආබාධ මතු ව ඇති බවට හෙළිව ඇත්තේ.

මේ බව අද දිනයේ දී කෝප් කමිටුවේ දී මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හෙළිදරවු කරනු ලැබුවා.

අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෝප් කමිටුවට කැඳවා තිබූ අතර එහිදියි මෙම සංවාදය සිදු වූයේ.

මන්ත්‍රීවරයා පැවසුවේ, එම වෛද්‍යවරයා වෘත්තීමය වශයෙන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු ද නොවන බවට හෙළි ව ඇති බවයි.

එම වෛද්‍යවරයා විසින් විවිධ අවස්ථාවල දී ක්‍රීඩකයින්ට ලබා දුන් එන්නත් හේතුවෙන් ක්‍රීඩකයින්ගේ පාදවල ආබාධ මතු වී ඇති බවටයි අනාවරණය වූයේ.

‘වන් ෂොට්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන එම වෛද්‍යවරයා වේදනා නාශක ලබාදීම මගින් ක්‍රීඩකයින්ට දීර්ඝ කාලීන අතුරු ප්‍රතිවිපාක ලෙස ආබාධ මතු වී ඇති බවට ද මන්ත්‍රීවරයා කෝප් කමිටුව හමුවේ හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?