ක්‍රිකට් නඩුව කල් යයි – අතුරු කමිටුව ගැන සලකා බලන්න නව විනිසුරු මඬුල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා (20) කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම පෙත්සම විමසීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කිරීම හේතුවෙන් මතු වී තිබෙන ප්‍රායෝගික අපහසුතාව සැලකිල්ලට ගෙන ලබන සඳුදා පෙත්සම සලකා බලන තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කරන ලද පෙත්සම අද සලකා බැලීම සඳහා ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු නීල් ඉද්දවෙල සඳහන් කළේ පුද්ගලික හේතුන් මත තමා මෙම පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වන බවයි.

ඉන් අනතුරුව නව විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා අදාළ පෙත්සම යළි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හමුවේ කැඳවනු ලැබුවා.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා සෝභිත රාජකරුණා සහ ඩී.එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නම් කරන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ;

” ස්වාමීනි… මෙම නඩුකරයට අදාළ ව අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම අතුරු තහනම් නියෝගය අද දිනෙන් අවසන් වෙනවා. ඒ නිසා මෙම පෙත්සම සලකා බැලීම වෙනත් දිනයකට කල් තබනවා නම් මෙම අතුරු තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.” යනුවෙන්.

එම ඉල්ලීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා දැඩි විරෝධයක් පළ කළා.

“ස්වාමිනි… මෙම නඩුකරයට අදාළ නිවැරදි තොරතුරු වසන් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කර තිබුණා නම් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරන්නේ නෑ. දැන් මේ පෙත්සම් කැඳවනු ලබන්නේ නව විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටයි. අදාළ අතුරු තහනම් නියෝගය අදින් අවසන් වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී දීර්ඝ කිරීමට අතුරු නියෝගයක් අධිකරණය හමුවේ නෑ. නව විනිසුරු මඩුල්ලකට අලුතින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව පමණයි නව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවා ද? නැත්ද? යන කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගත් හැක්කේ” යනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණයට පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා නව විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙන බැවින් මෙම අවස්ථාවේ දී මතු වී තිබෙන ප්‍රායෝගික අපහසුතාව යන කරුණ පමණක් සැලකිල්ලට ගෙන පෙත්සම සලකා බැලීමට නියමිත ලබන සඳුදා (20) දින තෙක් පමණක් ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කිරීමට අදාළ ව නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දුවක් ලබාදෙන බවත් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා අධිකරණය හමුවේ සඳහන් කළා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබූ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක ද සඳහන් කර සිටියේ නව විනිසුරු මඩුල්ලට දැනට නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සඳුදා කැඳවීමට දින නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09