කළුබෝවිල වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ, කළුබෝවිල පන්සල පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද (15) අලුයම වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් ජීවිත හානියක් සිදුව නොමැති අතර, මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශන අනුව පොලිසිය සැකපළ කරනවා.