කළුතර සහ දෙහිවල කැළඹු වෙඩික්කරු බලංගොඩින් අල්ලයි

වෙඩි තැබීම් කිහිපයකට සම්බන්ධ වෙඩික්කරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සහ කළුතර දිසා අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (10) දහවල් බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු පසුගිය (07) වන දින කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවයි පොලිසිය සඳහන් කළේ.

ඊට අමතරව 2025.12.31 දින නාගොඩ රෝහල තුලදී බන්ධනාගාර රැඳවියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සහ
2026.01.09 දින දෙහිවල පොලිස් වසමේ දී හෝටලයක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් වල වෙඩික්කරු බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 24ක කළුතර, නාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර පසුගිය 07 වනදා කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 23 හා 24 වයස්වල පසුවන කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකාරිය වයස අවුරුදු 23ක බොලොස්සගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මොවුන් සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48