spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බන්ධනාගාරගත වීමට පෙර සිටම මෙම රැඳවියා අසනීප තත්ත්වයන්ගෙන් පෙළුණු අයෙකු බවයි වාර්තා වන්නේ.

කළුතර උතුර පොලීසිය කියා සිටියේ පානදුර – මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බවයි.

මෙම රැඳවියා දිගින් දිගටම ප්‍රතිකාර ලැබූ අයෙකු බවත්, බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුවද ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 14 වැනිදා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති රැඳවියා වාට්ටු අංක තුනේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සහ ගාල්ල සහ මාතර බන්ධනාගාරවල ඇති වූ මොලේ උණ වැළඳීම හේතුවෙන් රැඳවියන් මියයෑම අතර සම්බන්ධයක් නොමැති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?