කළුතර බන්ධනාගාරයේ තවත් රැදවියෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පානදුර , මෝදරවිල ප්රදේශයේ පදිංචිව සිටී 60 හැව්රිදි මරිය සුසන්ලාගේ සුසල් නමැති පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් , එහි වාට්ටු අංක 3 හි නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය .
මියගොස් ඇති රැදවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්රාත් අධ්කරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බවත් පොලිසිය කීය.
සති දෙකකට පෙර දින 4 ක් තුලදී රැදවියන් තිදෙනෙකු මියගොස් තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.
කළුතර උතුර ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වති
