කහවත්තේ කාන්තා ඝාතනයට ‘දොලේ බාස්’ අල්ලයි

කහවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ නිවසක සිටි 71 හැවිරිදි කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිදුකරන ලද විමර්ශනවල දී 51 හැවිරිදි පුද්ගලයෙක් අද (29) දින මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘දොලේ බාස්’ නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වනු ලබන කහවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු අද (29) දිනයේ පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් මීට පෙර ඝාතනයට ලක් වූ කාන්තාවගේ බාල දියණිය පසුගිය 16 වනදා අත්අඩංගුවට ගත් අතර, ය දෙවන වරටත් ලබන පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

කහවත්ත, වෙලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසුන්දර මුදියන්සේලාගේ විනිතා ජයසුන්දර නැමැති කාන්තාවක් ඉකුත් 13 වනදා කපා කොටා ඝාතනය කර තිබුය දී සොයා ගත්තේ ඇය සමඟ නිවසේ පදිංචිව සිටි බාල දියණියගේ පැමිණිල්ලකට අනුවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී කාන්තාව ඝාතනය ලක්ව සිටි ස්ථානය ආසන්නයේ තිබී අත්ඔරලෝසුවක් පොලිස් නිල සුනඛයින් විසින් සොයාගත් අතර එම ඔරලෝසුව අදාළ කාන්තාවගේ බාල දියණියගේ බවට තහවුරු වුණා.

ඒ, අනුවයි සැකකාරිය පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධාගාර ගත කෙරුණේ.

  1. MEKI KISIMA STATEMENT EKAK DENNE NATHTHE DOLE BAS ARAKATA AMATHARAWA KARATH HARAPU NISA KATA ERA GANNA BERIWA DHA, NATHINAM AMMA UPAN DA SITA DEEPU SEPATA WADA EMMA SEPAK DOLE BAS MEKITA DUNNA NISA UWA BERA GANNA DHA.