කහඉර මත ජීවිතයක් බිලිගත් බස් රියදුරාව සොයයි

මොරටුව රාවතාවත්ත ඉන්ධන පිරවුම්හළ අසල පිහිටි කහඉර මතින්  මාර්ගය හරහා මාරුවීමට උත්සහගත් පුද්ගලයෙකු අනතුරට ලක්කරමින් බස් රථයක් ධාවනය කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ එම අනතුරින් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවය.

එම බස්රථයේ රියදුරාව අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකය.

මීට පෙරද මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසෆ් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරකට ගැබිණි මවක් සහ ඇය සමග සිටි කුඩා දියණියන් දෙදෙනා මුහුණ දී තිබුණි.

ඉකුත් දෙසැම්බර් 04 වනදා රාත්‍රීයේ අධික වේගයෙන් පැමිණි යතුරුපැදිකරුවෙක් වේගය පාලනය කරගත නොහැකිව, පදිකමාරුව හරහා ගමන් කරමින් සිටි ඔවුන්ව අනතුරට ලක්කර තිබුණි.

එම අනතුරෙන් වසරක් වියැති දැරිවියක් සහ  7 හැවිරිදි දැරිවියක් එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර ඔවුන්ගේ මව බරපතළ තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

https://youtu.be/wPRbmFT97qs
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?