කසිප්පු තොගයක් සමගින් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී අන්දමින් පෙරන ලද කසිප්පු තොගයක් රැගෙන යමින් සිටි කන්දකැටිය 24 කණුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු අද (04) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 කණුව, කන්දකැටිය, බදුලුඔය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30-40 අතර වයසේ පසුවන පුද්ගලයින් පස්දෙනෙක්.

පොලීසිය වෙත ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සැකකරුවන් පොලිස් ඇප මත මුදාහල අතර මෙම මස 11 දින ඔවුන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කන්දකැටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.