spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසළ තේ තොගයක් ප්‍රවාහනය කළ අයෙක් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

වෙලම්බඩ පොලිස් වසමේ වෙලම්බඩ – බූවැලිකඩ මාර්ගයේ, ගම්හත හංදියේ දී කසළ තේ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ඊයේ (19) විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කසළ තේ කිලෝ ග්‍රෑම් 1,890ක් එහිදී සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මෙහිදී එම කසළ තේ තොගය ප්‍රවාහනය කරමින් සිටි වෙලම්බඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31ක පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සහ කසළ තේ තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙලම්බඩ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?