කසකස්ථාන ජාතිකයෙකු මෙරට දී මරුට

බෙන්තොට වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (06) දහවල් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත්තේ 63 හැවිරිදි කසකස්ථාන ජාතිකයෙක් බවයි වාර්තා වන්නේ.

දිය නාමින් සිටි විදේශ ජාතිකයා රළ පහරකට හසු වී දියඹට ගසාගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන බලපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

නමුත් ඔහු ඒ වනවිට ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted