කවුරුහරි කෙනෙක් මට අභියෝග කරනවාට මම කැමැතියි

• කැපකිරීම
මට දැනෙන විදිහට අම්මා තාත්තා අපි වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරලා තියෙනවා.

අපි ජීවත්වෙන වටපිටාවේ අපේ සාමාජිකයන් වෙනුවෙන් අපි කැපකිරීම් කරනවා. ඒ වගේම අපි ආදරය කරන දේවල් වෙනුවෙන්ද අපි කැපකිරීම් කරනවා.

මට දැනෙන විදිහට අපි කැපකිරීම් කරන්නේ අපි ළඟා කරගත යුතු අපේ ඉලක්කයන් වෙනුවෙනුයි. මම මගේ ඉලක්ක වෙනුවෙන් කැපකිරීම් කරන කෙනෙක්. ඒ කරපු කැපකිරීම් නිසාම ඉලක්ක ජයගත්තු වෙලාවල් මගේ ජීවිතේ තියෙනවා.

• ඉරිසියාව
පුංචිම පුංචි කාලේ මට ඉරිසියාව දැනිලා තියෙනවා. මගේ වයසේ කෙනෙක්ට කවුරු හරි හුරතල් කරද්දී වඩා ගනිද්දී, මම ආදරේ කරන කෙනෙක් මට පේන්න ඒ පොඩි ළමයාට ආදරේ කරද්දී මට ඉරිසියාව දැනිලා තියෙනවා. හැබැයි පහු කාලයේදී මට එහෙම ඉරිසියාව දැනිලා නැහැ. අද මම කාටවත් ඉරිසියා කරන්නේ නැහැ.

ඉරිසියාව තව කෙනෙකුට ඇතිවෙන්නේ තමන්ට නැති දෙයක් හෝ තමන්ට ළඟා කරගන්න අපහසු දෙයක් නිසයි. ඒ මොහොතේදී මටත් මේක තිබුණා නම් කියල පොඩි ඉරිසියාවක් ඇතිවෙන්න පුළුවන්. ඒක වැරැද්දක් විදිහට මම දකින්නේ නැහැ. නමුත් මට නොලැබුණු දේවල් වෙනුවෙන් අද මම කාටවත් ඉරිසියා කරන්නේ නැහැ.

මම කලා ජීවිතේ පටන් ගත්තේ පොඩි කාලේ ඉඳන්. ඒ කාලය පුරාවට මම අනිත් අයගෙන් ඉරිසියාවෙන් බැටකාපු කෙනෙක්. ඒක මට හොඳටම ඇතිවෙච්චි දෙයක්. මගේ අම්මා මාත් එක්ක හැම වැඩකටම ගියා. ඒ නිසා මටත් වඩා ඒක මගේ අම්මා හොඳටම දැක්කා.

නමුත් අද මම ඒ ගැන හිතන්නේම නැහැ. කලා ජීවිතේ මම ගොඩක් නිර්මාණ කරපු කෙනෙක් නෙමෙයි. නමුත් අද මේ කරන, කරපු නිර්මාණ එක්ක මම ආපු මේ හෙමින් ගමන ගැන මට ගොඩාක් සතුටුයි. මම ඒ ගමනේදී කිසියම් කෙනෙකුට ඉරිසියා කරල නැහැ.

• පසුතැවීම
මගේ ජීවිතේදී මට පසුතැවීම් දැනිලා තියෙනවා. අවුරුදු තුනහමාරක්, හතරක් වගේ කාලයක් මම ප්‍රසිද්ධ නර්තන කණ්ඩායමක හිටියා.

අද මට ඒක දැනෙන්නේ අපරාදේ කාලෙ නාස්ති කිරීමක් විදිහටයි. ඒ ගැන මම පසුතැවුණා. හැබැයි ඒ පසුතැවීම දැනෙද්දී ඔයා පසුතැවෙන්න එපා කියල ගෙදර අය මට කිව්වා. ඒ නිසා අද මම එහෙම ඒක ගැන පසුතැවෙන්නේ නැහැ. එතැනදීත් මම යම් අත්දැකීමක් ලබාගත්තා කියල හිත හදාගන්නවා.

• කඩා වැටීම
නර්තනය කරල නතර කරල ගෙදර ඉඳිද්දී මම කිසිම දෙයක් නොකර කාලකන්නි වෙයි කියල අම්මා බයවුණා. මම වේදිකා නාට්‍ය කරන්න එහේ මෙහේ යන්න පටන් ගන්නකොට අම්මා කෑගහන්න පටන් ගත්තා. ඇත්තටම අම්මා මම ගැන බයවුණා.

ඒ නිසා අම්මාගෙන් මගේ ගමනට සහයෝගයක් නැහැ කියල දැනෙන්දී මම ජීවිතේ කඩාවැටීමක් කියල දැනුණා. නමුත් එහෙම කඩාවැටීමක් වුණත් මම තනියම නැගිටින්න උත්සාහ කළා.

• ප්‍රථම ප්‍රේමය
මට පාසැල් ප්‍රේමයක් තිබුණේ නැහැ. පාසැල් යන කාලේදී පිරිමි ළමයි කිහිප දෙනෙක් මම ගැන විශේෂත්වයක් තිබුණා. නමුත් මම ඒ දේවල්වලට යොමුවුණේ නැහැ. ගොඩක් අයට ප්‍රථම ප්‍රේමය අමතක නොවන මාරම එකක්නේ. හැබැයි මම එහෙම නැහැ. මම ඒ මතකයකටවත් කැමැති නැහැ.

• ආදරය
ආදරය කියන දේ හරි අපූරු දෙයක්. කාලයක් මම පෙම්වතියක් වෙලා හිටියා. නමුත් දැන් එහෙම නැහැ. පසුගිය කාලයේදී ආදරයේ මට අලුත් අත්දැකීමක් එකතුවුණා. සාමාන්‍යයෙන් මම මගේ වටා ඉන්න ‍පිරිසගෙන් ආදරේ ලබපු කෙනෙක්. ඒ අතරේ මම හඳුනන්නේවත් නැති පිරිසකගේ ආදරය ලැබීම හරි අපූරු අත්දැකීමක්.

ඒ පසුගිය කාලවලදී &පොදු* නාට්‍යයේ කෞෂිගේ චරිතයෙන් ඒ ආදරය මට උපරිමයෙන් ලැබුණා. මඟතොටේදී අද මුණගැහුණත් ඒ අය මාත් එක්ක කතා කරනවා. ඒ ආදරය හරි වටිනවා.

• අභියෝග
අභියෝග ජීවිතේ ඕනෑම කෙනෙක්ට ලැබෙන දෙයක්. මටත් එහෙමයි. මට මගේ ජීවිතේ ඕනෑතරම් අභියෝග ලැබිලා තියෙනවා. ඒ වගේම බොහෝදෙනා මට අභියෝග කරලා තියෙනවා. මට කවුරුන් හෝ අභියෝග කරනවාට කැමැතියි.
එහෙම අභියෝග ජීවිතයට ආවම මම තවත් ශක්තිමත් වෙනවා. ඒ අභියෝග නිසා මට ඉලක්ක වෙත යන්න ලේසියි. ඒ නිසා කවුරුහරි කෙනෙක් මට අභියෝග කරනවාට මම කැමැතියි.

• ජයග්‍රහණ
පුංචි කාලේ ඉඳන් මම තරගවලින් ජයග්‍රහණ විඳලා තියෙනවා. පසුකාලීනව තරුණියක් විදිහට තමන් කැමැති දෙයක් තමන් කැමැති විදිහට ඉෂ්ට කර ගැනීම ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. ජීවිතේ සමහර ජයග්‍රහණයන් මට අහිමිවෙලා තියෙනවා.
නමුත් තමන්ට දිනාගන්නට අවශ්‍ය දේ නිසියාකාරව ළඟාකර ගනිද්දී ලැබෙන සතුට මම විඳලා තියෙනවා.

• මම කවුද?
මට දැනෙන විදිහට මම අසාධාරණය, බොරුව, කපටිකම දකින්න අකමැති කෙනෙක්.
එහෙම වෙද්දි මම ටිකක් ආවේගශීලී වෙලා ඕනෑම වෙලාවක කතා කරන කෙනෙක්. ඒ හැර මම සාමාන්‍ය කෙනෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32