කලා විෂය ධාරාව හැදෑරූ අයටත් හෙද සේවයට යන්න අවස්ථාව

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂය ධාරාව හැදෑරුවන් ද හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන ලෙස රෙගුලාසි සංශෝධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී යි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ගැටලු සාකච්ඡා කිරීමේ රැස්වීමකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජනතාවට ඖෂධ ලබා ගැනීමේ ප්‍රමාදයක් සිදු නොවන බවට සහ ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහතික විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි මගින් දිනකට ලබා ගත හැකි මුළු ඖෂධ ප්‍රමාණය සහ දිනකට එක් එක් රෝහලෙහි පවතින ප්‍රමාණය සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි ඔහු කියාසිටියේ.

ජාලකරණ පද්ධතිය මගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කර ගැනීමට ද කටයුතු සැලසුම් කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

හෙද හෙදියන් බඳවා ගැනීමේදී කලා විෂයයන් සඳහා සුදුසුකම් ඇති අය පුහුණුව සඳහා ද සලකා බලන පරිදි රෙගුලාසි වෙනස් කළ යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම සහ අනෙකුත් විශේෂ අවස්ථා සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවයට අනුව දීර්ඝ කරන ලෙසටයි ජනාධිපති වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28