spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කල් ගත් වූ අර්බුධ විසඳීමේ දී අත්දැකීම් වේදනාකාරීයි – මුදල් රාජ්‍ය ඇමති

ආර්ථිකමය වශයෙන් අවධානම් සහගත තීන්දු තීරණ ගැනීමට රජය මේ මොහොතේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ රජය සිදු කරමින් පවතින්නේ දශක දෙක තුනකට පෙර සිදු කළ යුතුව තිබූ ප්‍රතිසංස්කරණ බවයි.

එවැනි කල් ගත වූ අර්බුධයන්ට ප්‍රතිකාර සිදු කිරීමේ දී වඩාත් වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වන බවයි ඔහු කියාසිටියේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු මැද පළාත් විශිෂ්ට ව්‍යවසායකන් ඇගයීමේ සම්මාන රාත්‍රියට එක් වෙමිනි.

අර්බුධයට ලක් වූ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර එය ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම පාලකයන්ට මෙන්ම ජනතාවට ද ඇති බව හෙතෙම පෙන්වා දෙනවා.

ආර්ථික අර්බුධයන්ට ලක්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ලබා ගත් ඉන්දියාව, දකුණු කොරියාව වැනි රටවල් අද ලෝක ආර්ථික බලවතුන් බවට පත්ව සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?