කලක සිට සීතාඑළිය රක්ෂිතයේ ගෝනුන් මැරූ තිදෙනෙකු හිරේට

නුවරඑළිය – සීතාඑළිය රක්ෂිතයෙන් ගෝනෙකු වෙඩි තබා ඝාතනය කර රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සැකකරුවන් සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රියකින් ඝාතනය කළ ගෝනාව රැගෙන යමින් සිටියදියි නුවරඑළිය පොලිස් රථවාහන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ව ඊයේ (17) නුවරඑළිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා ජූලි මස 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

කුරුණෑගල සහ දංකොටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50ත් වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් තිදෙනා තම ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් නුවරඑළිය වෙත පැමිණ සීතාඑළිය අම්මන් කෝවිල අසළ රක්ෂිතයේ දි බලපත්‍රයක් නොමැති බෝර 12 ගිනි අවියකින් රක්ෂිතයේ සැරිසරමින් සිටි හොඳින් වැඩුණු ගෝනෙකු වෙඩි තබා ඝාතනය කර රථයේ සඟවාගෙන දංකොටුව දක්වා ආපසු රැගෙන යමින් සිටියදියි පොලිස් භාරයට ගැනුණේ.

සැකකරුවන් කලක සිට මෙම ගෝනුන් ඝාතනය කර රැගෙන යාමේ ජාවාරමක් සිදු කර ඇති බව ද හෙළි ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14