කරුණාදාස කොඩිතුවක්කු, සජිත්ගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු අද (17) ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක් වුණාල.

ඒ, සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (17) අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැළියේදීයි.

එළඹෙන ජනාධිපතිවරණයට සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් පසුගියදා සමගි ජන සන්ධානය සමඟ ගිවිසුම් ගත වුණා.