කරාපිටිය සායනයට පැමිණි දියණියට ලිංගික අතවර කල සැකකරු රිමාන්ඩ්

කරාපිටිය රෝහලේ සායනයකට පැමිණ සිටි මවකට සහ ඇයගේ 14 හැවිරිදි දියණියට මානසික ලිංගික අතවර සිදු කිිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළා.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගතකරන කරනු ලැබුවේ ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

පැමිණිලිකාර මව සිය සැමියා,14 හැවිරිදි දියණිය සහ මාස තුනක් වයස කුඩා දරුවා ද රැගෙන කරාපිටිය රෝහලේ සායනයකට පැමිණ ඇති අතර ඔවුන් රෝහලට ගිය පසු සැමියා ත්‍රි රෝද රථයෙන් ආපසු නිවසට ගොස් තිබෙනවා.

මේ අතර ඔවුන් සායනය පටන්ගන්නා තෙක් බංකුවක වාඩිවි සිටියදි ඉදිරිපස බංකුවක වාඩිවි දියණිය දෙස බලමින් ලිංගික ක්‍රියාකාරකමක සැකකරු යෙදෙන අයුරු මව විසින්ද දැක තිබෙනවා.

පසුව ඇය ඒ අසල වෙනත් බංකුවක සිටි පිරිසකට මේ බව පැවසිමෙන් පසු සැකකරු දිව යාමට පටන්ගෙන් ඇති අතර පසුව පිරිස ඔහු පසුපස එලවා ගොස් අල්ලාගෙන රෝහලේ පොලිස් මුරපොලට බාරදි තිබුණා.

ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27