කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයා ඇප මත මුදාහරී

සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය අතරතුර එහි කනිෂ්ඨ සේවිකාවකට පහරදුන් බවට වූ චෝදනා මත කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අද (22) දිනය ඒ මහතා අද ඇප මත මුදාහැර තිබෙනවා

අද ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව කරුණු සලකා බැලීමෙන් පසුව ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?