කනේ පහරක් කෑ සිසුවෙකුට ලක්ෂ හයහමාරක් වන්දි ගෙවන්නැයි ගුරුවරයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

මාතර, පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකු විසින් 15 හැවිරිදි සිසුවෙකුට පහර දී ශ්‍රවණ හැකියාව අහිමි කිරීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

ඒ වෙනුවෙන් රුපියල් 150,000 මුදලක් අගතියට පත් ශිෂ්‍යයාට වන්දි වශයෙන් ගෙවන ලෙස එම විද්‍යාලයේ විනය භාර ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ජයන්ත ප්‍රේමකුමාර සිරිවර්ධන නැමැත්තාට ශේෂ්ඨාධිකරණය නියම කළ බව අධිකරණ වාර්තාකරු පැවසීය. 

ඊට අමතරව මෙම මූලික අයිතීන් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රජය විසින් රුපියල් ලක්ෂ 05ක වන්දියක් අදාළ ශිෂ්‍යයාට ගෙවිය යුතු බවටද එම නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත.

සිසුවාගේ ශ්‍රවණ හැකියාව ජීවිත කාලය පුරාම අහිමි වී ඇති බැවින් එය බරපතළ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් බව අධිකරණ තීන්දුවේ දැක්වේ.

2017 වසරේ පෙබරවාරි මස 13වන දා වගඋත්තරකාර ගුරුවරයා මෙම දරුවාගේ මුහුණට පහර දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ ශ්‍රවණ හැකියාව සම්පූර්ණයෙන්ම අහිමි වූ බවත් මේ තුළින් අදාළ ශිෂ්‍යයාගේ මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?