සෝලා පැනල් තොගයක් බහාලුමෙන් ඉවතට ගනිමින් සිටි අයෙකු ජිවිතක්ෂයට (ඡායාරූප)

පාණදුර, මෝදරවිල කර්මාන්තශාලා භූමියකදී ටොන් 3ක් පමණ බර සෝලා පැනල් ගබඩා කර තිබූ පෙට්ටියකට යටවීමෙන් ඒවා සවි කරන නියෝජිතවරයෙක් මිය ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා මෝදරවිල පුද්ගලික කර්මාන්ත ශාලාවකට සෝලා පැනල් තොගය කන්ටේනර් පෙට්ටියක බහා රැගෙන විත්, බර ඔසවන යන්ත්‍රයකින් (forklift) එය ඉවතට ගැනීමේදී එක් පසෙකට බර වී, පෙට්ටිය පෙරළීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සෝලා පැනල් සමාගමක උප නියෝජිතවරයෙකු වශයෙන් කටයුතු කළ මොහු මාතර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පානදුර දකුණ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23