කථනාබාධිත දැරියකට පහර දී ඇයව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ මව ද අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.
සැකකාර මවත් දැරියට පහර දී ඇති බවට අනාවරණය වීමත් සමඟ හොරණ පොලිසිය විසින් ඇය ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව තිබුනේ බණ්ඩාරගම, ගල්තුඩේ ධම්මකිත්ති ප්‍රාථමික විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය හැදෑරූ රෝෂිණී කවිෂ්කාපෙරේරා නමැති දැරියයි.
අත්අඩංගුවට ගත් සැකකාර මවගේ අනියම් සැමියා විසින් දීර්ඝ කාලයක සිට ආබාධිත දැරියට පහර දී ඇති අතර, ඒ පිළිබඳව මව කිසිඳු පියවරක් හෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව විටින් විට සිදුකළ පහරදීම් හේතුවෙන් දැරිය මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
දැරියගේ පියා යුද හමුදා විශේෂ බලකායෙ සෙබලෙකු වන අතර, ඔහු මීට වසර කිහිපයක පෙර දැරිය සහ දැරියගේ මව හැරගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස සැමියා අත්හැර දමාගිය පසු දැරිය ජීවත් කරවීම සදහා සැකකාර කාන්තාව යාචක වෘත්තියේ යෙදී ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අතර තුර රඹුක්කන ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිටි සැකකරු සමඟ ඇය අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබෙනවා.
එම සම්බන්ධතාව මත මීට සති තුනකට පමණ ඉහතදී සැකකරු විසින් ඔහුගේ මවගේ ගෙදරට දැරිය සහ ඇයගේ මව කැඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම කාලය තුල අනියම් සැමියා විසින් දැරියට අමානුශික ලෙස පහර දී ඇති අතර, පහර කෑමෙන් රෝගී තත්ත්වයට පත්ව වූ දැරිය රෝහල් ගත කිරීමට පවා සැකකරු හා සැකකාරිය කිසිඳු පියවරක් ගෙන නොමැති බව සඳහන්.
පහරදීම සිදුකළ සැකකාර අනියම් සැමියා අත්අඩංගුවට ගැනුණු අතර, සිද්ධිය වූ නිවස වෙත පැමිණි පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක දැරියගේ මළ සිරුර පරීක්ෂා කිරීමෙන් පසු එය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට උපදෙස් දී තිබුණා.
එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මරණයට හේතුව සඳහන් වාර්තාව සහ සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව සැකකාර මව සහ ඇයගේ අනියම් ස්වාමි පුරුෂයා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.














FORCES WALA INNA ME WAGEYI BALU WEDA KARANA UN NISA MULU FORCES WALATAMA NINDAWAK WENAWA. YANA YANA HEMA THANAMA AHUWENA GENITA KOTA KOTA YANA ME WAGEYI UN NISA ASARANA GENU SAHA LAMAYI WINASHA WENAWA