කතුරු ඔංචිල්ලාවක ගිය දැරියකගේ හිස්කබල ඉරී ගිය දරුණු අනතුර (සංවේදී දර්ශන සහිතයි)

කතුරු ඔංචිල්ලාවක කොණ්ඩය පැටලී සිදු වූ අනතුරකින් දැරියකගේ හිස්කබල අහිමි වූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කන්නවුජ් ප්‍රදේශයේ පැවති සැණකෙළියක ඔංචිල්ලාවක ගමන් ගත් වයස අවුරුදු 13ක අනුරාධා කතේරියා නැමැති දැරියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සිදුවීම අසල සිටි අයෙක් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

කතුරු ඔංචිල්ලාව නතර වන විට ඇයගේ සම්පූර්ණ හිස් කබල ඉරී ගොස් එය ඔංචිල්ලාවේ එල්ලී ඇති ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.

පසුගිය සෙනසුරාදා සවස මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී දැරිය වහාම ගුර්සහයිගන්ජ් හි පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඇයගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ලක්නව් හි රෝහලක් වෙත මාරුකර යවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම්දීමක් - කිසිදු දෙමාපියෙකුට මධ්‍යස්ථානයට එන්න බැහැ
06:20
Video thumbnail
සජිත්ගෙන් විශේෂ ප්‍රතිඥාවක් - අප පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සුරක්ෂා කරනවා
03:36
Video thumbnail
එල්නිනෝ තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් අපිට - පශු වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් තියෙනවා
08:49
Video thumbnail
පාස්කුවට සමාන කරලා දිට්වා ගැන හෙළිකරපු දේ - දැන් රාජ්‍ය නිලධාරින්ට ම#ණ දඬුවම් කන්න වෙලා
07:25
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19