කතානායක ප්‍රමුඛ දූත පිරිසක් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ඒකාබද්ධ සමුළුවට

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පාකිස්ථානයේ ලාහෝර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුවට සහභාගී වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2025 පෙබරවාරි 6 සිට 10 දක්වා පාකිස්ථානයේ ලාහෝර් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපීය පළමු ඒකාබද්ධ සමුළුවට සහභාගී වූ බවයි වාර්තා වූයේ.

කලාපයේ ජාතික පාර්ලිමේන්තු සහ පළාත් ව්‍යවස්ථාදායකයන් නියෝජනය කරන කතානායකවරු, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, වෘත්තිකයන් සහ නිලධාරීහු මෙම ගෞරවනීය අවස්ථාවට සහභාගී වී සිටියා.

මේ අනුව CPA ආසියානු කලාපයේ කලාපීය විධායක කමිටුවේ සභාපතිවරයා ලෙස කතානායක ජගත් වික්‍රමරත්න මහතා, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ CPA ආසියානු කලාපයේ කලාපීය ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ තුෂාරි ජයසිංහ, කේ. ඉලංකුමාරන් සහ නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත දූත පිරිස ශ්‍රී ලංකාව නියෝජනය කළා.

කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා
පාර්ලිමේන්තු උපාය මාර්ග ඉදිරියට ගෙන යාම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ බවයි වාර්තා වන්නේ.

‘ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ සමානාත්මතාවය සහ තිරසාර අනාගතය සඳහා පාර්ලිමේන්තු උපාය මාර්ග’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුව, කාන්තාවන්, තරුණයින් සහ ආබාධ සහිත පුද්ගලයින්
බලගැන්වීම, දේශගුණික විපර්යාස සඳහා කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම, පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, ආපදාවලට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීම, තිරසාර සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සහ දේශපාලනයේ දී සාධාරණ ලෙස නියෝජන අවස්ථාවන් ලබාදීම වැඩිදියුණු කිරීම වැනි ප්‍රධාන කලාපීය කරුණු පිළිබඳ ව මෙහිදී සාකච්ඡා කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18