spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතරගම වෙඩි තැබීමක්

කතරගම වැඩසිටි කන්ද මාර්ගයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

වැඩසිටි කන්ද මාර්ගයේ රථ ගාල ආසන්නයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සටන් කලා උපදේශකවරයෙකු ලෙසට කටයුතු කරන 46 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර එම යතුරුපැදියේ ගමන් කළ අනෙක් පුද්ගලයාට හානියක් සිදු වී නැහැ.

තුවාලකරු කතරගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?