spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගී වන පළමු කණ්ඩායම පාගමනක් අරඹයි (ඡායාරූප)

කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පා ගමනින් ගොස් සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම (10) දින හැටන් ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.

ලබන 19 වනදා ආරම්භ කිරීමට නියමිත කතරගම ඇසළ පෙරහැරට සහභාගී වීම සඳහායි ඔවුන් මෙලෙස ගමන් ආරම්භ කර ඇත්තේ.

හැටන්, නුවරඑලිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, ලුණුගම්වෙහෙර හරහා කිලෝමිටර් 240ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම ලබන 18 වනදා කතරගම පූජා භුමියට ළඟා වීමට අපේක්ෂිතයි.

දිනකට කිලෝමීටර් 20ත් 25ත් අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශවල ඇති වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල්වල රාත්‍රී කාලයේ විවේක ගෙන පසු දින යළි ගමන් ආරම්භ කිරීම මෙම බැතිමතුන්ගේ අරමුණ වී තිබෙනවා.

කතරගම දක්වා යන මෙම පාගමනට කුඩා ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු එක්ව සිටින අතර එම කාන්තාවන් අතර වයස අවුරුදු 80 සහ 85 වයස්වල කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.

පාගමනේ යෙදෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් ගන්නා මගීන් විසින් මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය ද ලබාදෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?