කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගී වන පළමු කණ්ඩායම පාගමනක් අරඹයි (ඡායාරූප)

කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පා ගමනින් ගොස් සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම (10) දින හැටන් ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.

ලබන 19 වනදා ආරම්භ කිරීමට නියමිත කතරගම ඇසළ පෙරහැරට සහභාගී වීම සඳහායි ඔවුන් මෙලෙස ගමන් ආරම්භ කර ඇත්තේ.

හැටන්, නුවරඑලිය, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය, ලුණුගම්වෙහෙර හරහා කිලෝමිටර් 240ක් පාගමනින් ගමන් කරන මෙම කණ්ඩායම ලබන 18 වනදා කතරගම පූජා භුමියට ළඟා වීමට අපේක්ෂිතයි.

දිනකට කිලෝමීටර් 20ත් 25ත් අතර දුර ප්‍රමාණයක් පාගමනින් ගමන් කර එම ප්‍රදේශවල ඇති වෙහෙර විහාරස්ථාන සහ හින්දු කෝවිල්වල රාත්‍රී කාලයේ විවේක ගෙන පසු දින යළි ගමන් ආරම්භ කිරීම මෙම බැතිමතුන්ගේ අරමුණ වී තිබෙනවා.

කතරගම දක්වා යන මෙම පාගමනට කුඩා ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු එක්ව සිටින අතර එම කාන්තාවන් අතර වයස අවුරුදු 80 සහ 85 වයස්වල කාන්තාවන් දෙදෙනෙකු ද වනවා.

පාගමනේ යෙදෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් ගන්නා මගීන් විසින් මුදල් සහ වියළි ආහාර ද්‍රව්‍ය ද ලබාදෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15