කඩුලු 03න් ගොඩගිය පාකිස්ථානයට විශිෂ්ට ජයක්- ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැනත්

එක්දින ලෝක කුසලානයේ අද පැවති තරගයෙන් පාකිස්තානයට කඩුලු 07ක විශිෂ්ට ජයක් හිමි වුණා.

තරගය අද පස්වරු 02ට ආරම්භ වූයේ ප්‍රතිවාදී බංග්ලාදේශයට එරෙහි ව ඊඩ්න් ගාඩ්න් හි දියි.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක ශකීබ් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

නමුත් ඔවුන් හට පන්දුවාර 50ක් අවසන් කිරීමටත් පෙර සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204ක් පමණි.

පාකිස්ථාන වේග පන්දු බලඇණිය ඉදිරියේ වඩාත් නම්‍යශීලී වීම නිසා බංග්ලාදේශ පිතිකරණය දියාරු වීමට ගත වූයේ සුළු වේලාවක් පමණක් බව තරගය නැරඹූ ප්‍රේක්ෂකයින්ගේ විශ්වාසයයි.

ඒ අනුව බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා මහම්මුදුල්ලා (56) වූ අතර, ලිට්න් දාස් ලකුණු 45ක් සහ නායක ශකීබ් ලකුණු 43ක් රැස් කළා.

කඩුලු බිඳ හෙළීමේ දී ෂහීන් ෂා අෆ්‍රිඩි ලකුණු 23කට නිලකුණු පන්දු වාරයක් ද සමගින් කඩුලු 03ක් බංග්ලාදේශයෙන් උදුරා ගත්තා.

වසීම් කඩුලු 02ක් බිඳ දැමුවේ ලකුණු 31කටයි.

ඉෆ්තිකර්, උසාමා සහ රවුෆ් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 205ක පහසු ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 32ක් තුළ සිය ජයග්‍රහණය ලබා ගත්තා.

පළමු කඩුල්ල වෙනුවෙන් හැඩකාර සබඳතාවක් ගොඩනගමින් අබ්දුල්ලා සහ ෆකර් සමන් එක් ව පන්දු 127කට ලකුණු 128ක් රැස් කළා.

දෙදෙනාම විශිෂ්ට අර්ධ ශතක පළමු කඩුල්ල බිඳී යාමට පෙර ලබා ගැනීමට ද සමත් වුණා.

පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 68ක් ලබා සිටි අබ්දුල්ලා යි.

ඒ හසාන් මිරාස්ගේ පන්දුවක් හමුවේ.

ඉන් අනතුරුව පිටියට ආ නායක බාබර් අසාම් සිය කණ්ඩායම ජයග්‍රහණයේ සීමාවට රැගෙන යාමට ෆකර් සමග එක් වුව ද, ඔහු එල්ල කිරීමට වෙර දැරූ හයේ පහරේ කෝණය වෙනස් වීම නිසාවෙන් එම උඩ පන්දුව මහම්මුදුල්ලා විසින් රැකගනු ලැබීමත් සමග බාබර් ලකුණු 9කට දැවී ගි‍යා.

බාබර්ගේ හිස්තැන වහන්නට පිටියට ආ මොහොමඩ් රිස්වාන් ආ වෙලාවේ සිට වේගවත් ලකුණු රැස්කිරීමකට උත්සාහ දැරූ අයුරු දක්නට ලැබුණා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ෆකර් සමන් ලකුණු 81ක් රැස් කිරීමට සමත් වුණේ හයේ පහරවල් 07ක් සහ හතරේ පහර 03ක් ද එල්ල කරමින්.

රිස්වාන් තරගය අවසන් වන විට නොදැවී ලකුණු 26ක් ලබා සිටියා.

ඉෆ්තිකර් නොදැවී ලකුණු 17යි.

කඩුලු 03ක් පාකිස්ථානයෙන් උදුරාගත් එකම බංග්ලාදේශයේ පන්දු යවන්නා වූයේ Mehidy Hasan Miraz පමණි.

සෙසු කිසිදු පන්දු යවන්නෙකුට අද දිනයේ දී කඩුලු වාසිය අහිමි වුණා.

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ෆකර් සමන් හටයි.

මෙම තරග ජයත් සමග පාකිස්ථානය මුහුණ දුන් තරග 07න් 03ක් ජය ගනිමින්, යළිත් ප්‍රසාද ලකුණු සටහනේ 05 වැනි තැනට පත් ව සිටිනවා.

බංග්ලාදේශයට හිමි ව ඇත්තේ 09 වැනි ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39