කඩා වැටුණු බංගලාදේශ ඉනිමට ෂමිම් සහ ජේකර්ගෙන් මුක්කුවක් – ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස් කළා.

බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන්ට සාර්ථකවීමට අවස්ථාව ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉනිමේ පළමු කඩුලු 03 ලකුණු 11ක් තුළ බිඳ දැමුවා.

බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 42ක් එකතුවේද්දී පස්වන කඩුල්ලත් දවාගෙන පීඩනයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අභියෝගය තරමක් දුරට පාලනය කරගැනීමට සමත් වූ ෂමිම් හොසේන් සහ ජේකර් අලි බංග්ලාදේශ ඉනිමට හයවන කඩුල්ල වෙනුවෙන් මුක්කුවක් ගසන්නට කටයුතු කළා.

එහිදී ෂමිම් හොසේන් ලකුණු 42ක් රැස් කළ අතර ජේකර් අලි රැස්කළ ලකුණු සංඛ්‍යාව 41ක්.

පන්දු යැවීමේ දී කලකට පසු යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක් වූ වනිඳු හසරංග පන්දුවාර 04ක් යවා ලකුණු 25කට කඩුලු 02ක් බිඳ දැමුවා.

බංග්ලාදේශ ඉනිමේ කඩුලු දඩයම ඇරඹු නුවන් තුෂාර සිය පන්දුවාර 04 තුළ ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගත්තා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුෂ්මන්ත චමීර ලකුණු 17ක් ලබා දී බංග්ලාදේශ ඉනිමේ එක කඩුල්ලක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 140ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25