spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක -18 කණුව ප්‍රදේශයේ මනුෂ්‍ය ඝාතනයක්

කටුනායක, 18 කණුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

41 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලසිය පැවසුවේ.

එම පුද්ගලයා කටුනායක, මෝලපාර ප්‍රදේශයේ තාවකාලික නිවසක පදිංචිව සිටි අයෙක් බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

පුද්ගලික ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතර ගැටුමක ඇතිව තිබෙනවා.

එහිදී පුද්ගලයින් දෙදෙනකු විසින් ඊයේ (26) මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?